2017 ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට පකිස්ථානය සමත්වුනා.
ඒ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 180 කින් ජයග්‍රහණය කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් රැස් කළා.
ෆකාර් සමන් 114 යි.
පන්දු 106 කින් ලබාගත් එම ලකුණු 114 ට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුලත් වුනා/.
අසාර් අලි 59 යි.
මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 57 ක් රැස් කලේ පන්දු 37 කින්.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 30 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 158ක් පමණයි.
රෝහිත් ශර්මා කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත් වුනා.
නායක විරාත් කෝලි ලකුණු 5 යි.
මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියා.
යුවරාජ් සිං ලකුණු 22 ක් සහ ශිකර් ධවාන් ලකුණු 21 ක් ලබාගත්තා.

ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!

වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..

මගේ YouTube Channel එකත්  Subscribe කරන් යමු 

⇩⇩⇩

 Click