Full Width CSS

Facebook නව සාමාජිකයින් 3,000ක් බඳවා ගනී | Sinhala දේ

Facebook, Meeting, Social, Personal, Group, Human, Apps
ඒ, ලොව ප්‍රමුඛත ම සමාජ ජාල වෙබ් අඩවිය ලෙස සැලකෙන Facebook ඔස්සේ මිනීමැරුම් සහ සියදිවි නසා ගැනීම් ඇතුළු විවිධ අවභාවිතයන් සජීවීව විකාශය වීම පාලනය කිරීම සඳහා ය.
Facebook ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සිය Facebook ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, Facebook සජීවි විශේෂාංගය හරහා ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ මෙන් ම අන් අයගේ ද සිත් රිදවීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් තමා කම්පනයට පත්ව සිටින බවයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, නවතම තීරණය අනුව සිය ප්‍රජාවට බලපාන ගැටලු සහගත වීඩියෝ සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි පිළිබඳ වහාම ක්‍රියාත්මක වී ආදාළ වීඩියෝ වෙබ් අඩවියෙන් ඉවත් කිරීම සඳහා කාර්ක්ෂමව සහය වීමට අපේක්ෂා කරන බවයි.
පසුගිය අප්‍රේල් මාසයේදී පුද්ගලයෙකු ඝාතනය කරන අවස්ථාවක් ෆේස්බුක් ඔස්සේ සජීවිව විකාශය කෙරුණු අතර එම මාසයේදී ම
තායිලන්තයේ පුද්ගලයෙකු සිය සිගිති දියණිය ඝාතනය කර ඔහු ද සියදිවි නසා ගන්නා දර්ශන පෙළක් ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය
කෙරිණ.
Facebook ආයතනය ඉදිරියේදී මිලියන ගණනක් වූ සිය සාමාජිකයින්ගෙන් ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව ක්‍රමෝපායන් ද හඳුන්වා දෙනු ඇති.
සෑම සතියක් ම පාහේ Facebook සාමාජිකයින්ගෙන් ඉදිරිපත් වන පැමිණිලි ගණන මිලියන ගණනක් වන අතර නව මෙහෙයුම් කාර්ය මණ්ඩලය වැඩි කිරීම තුළින් පීඩාවට පත් වන පුද්ගලයින්ට නීති ක්‍රියාත්මක කරන ආයතනවලට සම්බන්ධ කර දීමට සහ සිය ප්‍රජාව සුරක්ෂිත කිරීමට උදව් වනු ඇති.

ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!

වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..

මගේ YouTube Channel එකත්  Subscribe කරන් යමු 

⇩⇩⇩

 Click


Post a Comment

0 Comments