Full Width CSS

ICC නීති අලුත් වෙයි | Sinhala දේ

         
      ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට අදාළ නව රෙගුලාසි කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් හඳුන්වා දී තිබෙනවා. 
ඊයේ පැවැති ක්‍රිකට් ප්‍රධාන විධායක කමිටු රැස්වීමේදී අනුමැතිය ලබාදුන් පරිදි ලබන ඔක්තෝම්බර් 01 වන දා සිට මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක වනු ඇති. 
           ඉන් එක් රෙගුලාසියක් වන්නේ විනිසුරු විසින් නැවත ඇගයීමකට යොමු කරන තීරණයක් සඳහා කණ්ඩායමක ඩී.ආර්.එස්. හෙවත් තීන්දුවක් නැවත ඇගයීමේ අවස්ථාව අහිමි නොවීමයි. 
එමෙන්ම දුවද්දී දැවී යාමකට හසුවීමේදී පිතිකරු සීමාව පසුකොට පිත්ත විසි වුවද නව රෙගුලාසිය අනුව ඔහු නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙනවා. 
                 පිත්තේ ප්‍රමාණය සම්බන්ධයෙන් ද නිශ්චිත සීමාවක් පනවා ඇති අතර, බරපතල විනය කඩ කිරීම්වලදී පාපන්දු තරඟවලදී මෙන් ක්‍රීඩකයෙකු පිටියෙන් ඉවතට යැවීම සඳහා විනිසුරුට බලය පැවරීම ද අයි.සී.සී. නව සංශෝධනවලට ඇතුළත්.

ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!

වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..

මගේ YouTube Channel එකත්  Subscribe කරන් යමු 

⇩⇩⇩

 Click



Post a Comment

0 Comments