Full Width CSS

බස් ගාස්තු අද සිට වැඩි කෙරේ | Sinhala දේ



ඒ රුපියල් 9ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 10ක් කරමිනි.
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා පැවසුවේ, බස් ගාස්තු 6.28% කින් ඉහළ යනු ඇති බවයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී, ටී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, බස් ගාස්තු වැඩිවීම අද සිට ලංගම බස් රථවලට ද අදාළ වන බවයි.
අද සිට ක්‍රියාත්මක නව ගාස්තු සංශෝධනයට අනුව අධිවේගි මාර්ගයේ බස් ගාස්තුව මෙසේයි,
* මාතර – මහරගම අතර ගාස්තුව රුපියල් 30 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව බස් ගාස්තුව රුපියල් 500 කි.
* ගාල්ල – මහරගම අතර පැවති ගාස්තුව රුපියල් 20 කින් ඉහළ යාම ත් සමග නව බස් ගාස්තුව රුපියල් 410 කි.
* කඩවත – මාතර අතර බස් ගාස්තුව රුපියල් 540 කි.
* කඩවත සහ ගාල්ල අතර නව බස් ගාස්තුව රුපියල් 440 ක් වනු ඇත.
මේ අතර මෙවර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ය.
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්, අන්ජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සැහීමකට පත් විය නොහැකි බවයි.
බස් ගාස්තු වැඩිවීමත් සමග නිසි පහසුකම්වලින් තොර බස් රථ සොයා වැටලීම් ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්, නිහාල් සෝමවීර මහතා සඳහන් කළේ ය.
මීට අමතරව බස් ගාස්තුවලට සාපේක්ෂව දුම්රිය ගාස්තු ඉහළ නොයන බව ද නිහාල් සෝමවීර මහතා ප්‍රකාශ කළේ ය.
බස් ගාස්තු සංශෝධනය වුව ද විශේෂ චාරික සම්බන්ධයෙන් අය කෙරෙන ගාස්තුව සංශෝධනය නොවන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසා තිබේ.

ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!

වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..

මගේ YouTube Channel එකත්  Subscribe කරන් යමු 

⇩⇩⇩

 Click




Post a Comment

0 Comments