ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තරගයේ දී ඕස්ට්‍රේලියාව දක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු හතලිහකින් පරාජය වීමත් සමගයි බංග්ලාදේශ කණ්ඩායමට මෙම අවස්ථාව උදා වුණේ.
එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර තරගය ඊයේ පැවැතුවුණේ බර්මින්හැම්හි දීයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුළු නවයක් දැවී ලකුණු 277ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ට්රාවීස් හෙඩ් ලකුණු 71යි. එංගලන්ත ඉනිමේ 41වන පන්දුවාරයේ දී ක්‍රීඩා පිටියට වර්ෂාව ඇද හැලීමත් සමග තරගය නතර කිරීමට සංවිධායක මණ්ඩලය තීරණ කළා. ඒ වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 240ක් රැස්කර ගෙන සිටි අතර ලුවිස් න්‍යායට අනුවයි එංගලන්ත කණ්ඩායමට ජය හිමි වුණේ. මෙම ජයග්‍රහණයත් සමගින් තරගාවලියේ ඒ කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට එන්ගලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments