ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන බී කාණ්ඩයේ තීරණාත්මක අවසන් තරගය ද අද (12) පැවැත්වීමට නියමිතයි.
ඒ එංගලන්තයේ කාඩ්ෆ් ක‍්‍රීඩාංගණයේදීයි.
පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් සුළු ආබාදයකට ලක් වූ තිසර පෙරේරා අද දිනයේ තරග වදිනු ඇති අතර පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව ආසියාවෙන් පිටත වෙනත් රටක දී තරග වදින්නේ 2002 වසරෙන් පසුව ප‍්‍රථම වරටයි.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම බී කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර වර්ෂාව හේතුවෙන් අද තරගය පැවැත්වීමට නොහැකි වුව ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වේ.
ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පකිස්තානයට වඩා ඉදිරියෙන් සිටීම හේතුවෙනි.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments