ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ පුහුණුකරුවා කවුරුන් වුවත් ඔවුන්ට "එකපාරටම මැජික් පෙන්විය නොහැකි" බව පවසන කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර, මීළඟ ලෝක කුසලානය අරමුණු කරගෙන හෝ නිසි සැලසුමකින් යුතුව ක්‍රීඩාව දියුණු කළ යුතු බව පෙන්වා දෙයි.
"එන මාසේ දිනන්න කියල අපි ක්‍රීඩකයන්ට ඇඟිල්ල දික්කරල බැන්නට වැඩක් නෑ. මේක සියලු දෙනාම ඉවසීමෙන් යන්න ඕන ගමනක්," යනුවෙන් ද කුමාර් සංගක්කාර සඳහන් කළේ ෆේස්බුක් අඩවිය ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීවී සංවාදයකට එක්වෙමිනි.
කණ්ඩායමේ මීළඟ පුහුණුකරු කවුරුන් දැයි තීරණය කිරීම ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ඇතුළු ක්‍රිකට් බලධාරීන් සතු වගකීමක් බවත් ඔහු සඳහන් කළේය.
බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉතා දක්ෂ පුහුණුකරුවකු බව කුමාර් සංගක්කාර ගේ අදහසය. එමෙන්ම මහේල ජයවර්ධන ද දක්ෂ පුහුකරුවෙකු බව ෆේස්බුක් අඩවිය ඔස්සේ යොමු කෙරුණු ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් සඳහන් කළ සංගක්කාර, ආරාධනාවක් ලැබුනහොත් එවැනි පදවියක් භාරගන්නේද යන තීරණය ඔවුන් සතු බවත් සඳහන් කළේය.
2011 ලෝක කුසලානයේදී ඔහුගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන මහා තරගය පරාජය වූයේ මන්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අමාත්‍ය අර්ජුන රණතුංග කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ සංගක්කාර කියා සිටියේ, තමන් ද එය අනුමත කරන බවය.
"ඕනෑම තරගයකදී කණ්ඩායම්, ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විලාසය පිළිබඳව යම් කිසි සැකයක් තියෙනවද කියල බලන්න අයිසීසී එකේ තියෙනව දූෂණ විරෝධී ඒකකයක්. සෑම තරගයකම, සෑම ක්‍රීඩාංගනයකම ඔවුන් ඉන්නවා. අපි ඉන්න හොටල්වලත් ඉන්නවා. ඉතින් මේගොල්ලන්ටත් නැති දත්ත අර්ජුන රණතුංග මහත්තය ළඟ තියෙනව නම් මම හිතනවා ඔවුන්ගේ වගකීමක් තියෙනව මේ අයිසීසී එකේ කට්ටියට භාරදීලා ඒවා හොයල බලන්න කියල ඉල්ලන්න," ඔහු පැවසීය.
එපමණක් නොව සැකයක් පවතින්නේ නම් අනෙක් ලෝක කුසලාන තරග පිළිබඳවත් පරීක්ෂණ පැවැත්විය යුතුය යන්න සිය ස්ථාවරය බවත් ඔහු පැවසීය.
ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන්, ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය සහ 2011 ලෝක කුසලානය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අර්ජුන රණතුංග සහ කුමාර් සංගක්කාර හිටපු නායකයන් දෙදෙනා අතර වාග් සංග්‍රාමයක් ඇවිලී තිබිණ.
කෙසේ නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ පකිස්තාන සංචාරය පිළිබඳව සඳහන් කළ අවස්ථාවේ තමන් අර්ජුන රණතුංග හෝ වෙනත් කිසිවෙකු නමින් සඳහන් නොකළ බව කුමාර් සංගක්කාර අවධාරණය කරයි.
ක්‍රීඩකයන් දස දෙනෙකුගේ පමණ කළමනාකරු ලෙසින් ක්‍රියාකරන චාලි ඔස්ටින් සමග එක් වී කණ්ඩායම තේරීමට "ඇඟිලි ගසන" බවට එල්ලවන චෝදනා ද සංගක්කාර තරයේ ප්‍රතික්ෂේප කළේය.
ලබන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමුගැනීමේ තීරණයේ වෙනසක් නොමැති බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා, ඉන් අනතුරුව පුහුණුකරුවෙකු හෝ පරිපාලකයෙකු ලෙසින් ක්‍රීඩාවේ වෙනත් අංශයකට සම්බන්ධ වන්නේ ද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments