අද දින සිම්බාබේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහරදීමට සිමබාබේ පිලට ආරධනා ලැබුණු අතර, පිටියට පිවිසි සිම්බාබේ කණ්ඩායමේ ඉණිම ලකුණු 155 කට සිමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් වුනි.
මෙහි විශේෂත්වය තම මංගල තරඟය ක්රීඩා කල වනිදු හසරංග කඩුලු ත්රිත්වයක් ලබාගැනීමයි. ශ්රී ලංකා ක්රීඩකයකු, තම මංගල තරඟයේ කඩුලු ත්රිත්වයක් ලබාගත් ප්රථම අවස්තාව ලෙස මෙය ඉතිහාසගත වන අතර, එක්දින තරඟ ඉතිහාසයේ තම මංගල තරඟයේ කඩුලු ත්රිත්වයක් ලබාගත් තුන්වන ක්රීඩකයා ලෙස වනිදු හසරංග ඉතිහාසගත වනු ඇති.
මින් පෙර මෙවැනි දස්කමක් දක්වා ඇත්තේ, දකුණු අප්රිකානු පිලේ Kagiso Rabada සහ බංගලාදේශ කණ්ඩායම Taijul Islam යන ක්රීඩකයින් ය.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments