එක්දින තරඟ ඉතිහාසයේ මෙතෙක් බිහිවූ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ සචින් තෙන්දුල්කාර්. හේතුව ඔහු තබා ඇති වාර්තා නිසාය. මෙම වාර්තා බොහෝ පිරිසකට බිඳ දැමීමට නොහැකි වී ඇත්තේ ඔහු වසර 23 ක් එක්දින ක්‍රිකට් තරඟ 463 ක ප්‍රමාණයක් ක්‍රීඩාකර ලකුණු 18463 ක් රැස්කරගෙන සිටීම හේතුවෙනි. ඔහුට ආසන්නව සිටි එකම ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. සංගක්කාර ලබාගෙන සිටි එක්දින ලකුණු ප්‍රමාණය ලකුණු 14236 කි.
නමුත් අද කතා වන්නේ ලකුණු පිළිබඳව නෙවෙයි. එක්දින ශතක පිළිබඳව. මේ ශතක බලන කොට එහි ගෞරවය හිමි වන්නේද සචින් හටයි. සචින් තෙන්දුල්කාර් තරඟ 463 ක්‍රීඩා කර එක්දින ශතක 49 ක් ලබා ගනිමින් පෙරමුණේ සිටිති. තරඟ 375 කදී ශතක 30 ක් ලබාසිටින රිකි පොන්ටින් දෙවන ස්ථානයේ සිටින විට, තරඟ 445 ක් ක්‍රීඩාකර ශතක 28 ක් ලබාගෙන සිටි සනත් ජයසුරිය තෙවන ස්ථානයේ පසුවිය.
නමුත් ඔබ විශ්වාස කරනවද කෙනෙකු එක්දින තරඟ 189 ක් ක්‍රීඩාකර ශතක 28 ක් ලබාසිටිනවා කිවහොත් ? ඊයේ (ජුලි 6) ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර පැවති 5 වන එක්දින තරඟය ඉන්දියාව ජයගනු ලබන්නේ ශුරතාවලිය 3 – 1 ලෙස තමන් සතු කරගන්න අතර තුරයි. ඉන්දියාව ජයගන්න අතරතුර ඒ පිටුපස වේගවත් ශතකයක් වාර්තා වෙනවා. ඒ තමයි විරාත් කොලිගේ පිත්තෙන්.
වත්මන් ඉන්දීය කණ්ඩායමේ නායකයා වන විරාත් කෝලි තම 28 වන එක්දින ශතකය ලබාගනුයේ එක්දින තරඟ ඉතිහාසයේ වැඩිම ශතක ලබාගත් තෙවෙන්නා සනත් ජයසුරිය පසුපසට තල්ලු කරමින් තම නම එම ස්ථානයේ ඇතුලත් කරමිනි. තෙන්දුල්කාර් ශතක 49 ක් රැස් කරත්, ඔහු ශතක රැස් කරපු බොහෝ අවස්ථාවල ඉන්දීය පිල පරාජයට පත් වුවත්, කෝලි රැස්කල බොහෝ ශතක වලින් ඉන්දීය පිල ජයගෙන ඇත. තවද විරාත් කෝලි වැඩිපුරම ශතක ලබාගෙන ඇත්තේ ලකුණු හඹායන අවස්ථා වලිදී වීම විශේෂත්වයකි. එනම් ඕනෑම පීඩනකාරී අවස්තාවක් මොහුට පාලනය කිරීමේ හැකියාව තිබෙන බවයි.
වත්මන් එක්දින පිතිකරුවන් හා, විස්සයි විස්ස පිතුකරුවන් ශ්‍රේණි ගත කිරීම වල ප්රථමස්තානයේ සිටින්නේද විරාත් කෝලිය. සචින් තෙන්දුල්කාර් පිහිටවා ඇති වාර්තා බොහොමයක් මොහු විසින් බිඳ හෙලෙනු ඇතැයි ක්‍රිකට් ප්රවීනයින් බොහොමයක් මත පල කරනුයේ, ඔහුගේ Consistency හෙවත් ඔහුගේ ඉණිම් වල පවතින ස්ථීරභාවය නිසාය.
ලංකාවේ බොහොමයක් දෙනා මෙම චරිතය වෛර කලත් අවිවාධයකින් තොරව දැනට ක්‍රිකට් සෙල්ලම් කරන ක්‍රීඩකයන් අතර දක්ෂතම ක්‍රීඩකයා වනුයේ විරාත් කෝලිය. අවුරුදු 28 ක් වන මොහු ලෝකේ වැඩිම මුදලක් උපයන ක්‍රීඩකයා බවට පත්වී සිටින්නේ එම ස්ථානයේ සිටි තම රටේ සගයා වන මහේන්ද්‍ර සිං දෝණිද අභ්බවමිනි.
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments