ReMarkable යනුවෙන් හැඳින්වෙන මෙම ඩිජිටල් නෝට්බුක් එක කඩදාසිවලට තරගයක් දිය හැකි තරමටම හුරුබුහුටියි කාර්යක්ෂමයි
ඔබට පැන්සලකින් හෝ පෑනකින් සටහන් කළ කඩදාසියක ස්වරූපය ගන්නා හෝ දැනෙන ස්ක්‍රීන් එකක් අවශ්‍ය වූවා නම් ඊමේල්, ඊ බුක්ස්, හුරු ඔබට පිහිටට එන එකම දේ ඊ ඉන්ක් ටච්ස්ක්රීන්වලින් ඔබට කිසිදිනෙක ලබා දිය නොහැකි එම තාත්විකත්වය දැන් ලබා දීමට අඟල් 10ක ඊඩඥ අඥර්චපඬචඡතඥ බචඡතඥබ නම් මෙම ඊ ඉන්ක් පුවරුව සමත් වෙනවා.
දවස් ගණනක් පුරාවට මෙය භාවිත කිරීමට හැකි තරම් ජවයක් ඇති බැටරියකින් සංයුක්ත වන මෙම ටැබ්ලට් එක ඔබේ සියලු කුරුටු නෝට්බුක් පිටුවල රඳවන අතර එයට ඇන්ඩේරායිඩ්, මැක් සහ වින්ඩෝස්වලට සම්බන්ධ විය හැකි ඇප් ද අනුගත වෙනවා. ඔබට ඔබේ කුරුටු ඔබේම ෆෝන් එකට කොම්පියුටරයට ලබාගෙන නැවත සකස් කිරීමට ද හැකියාවක් ලැබෙනවා. මෙහි ඇප් එක හරහා ඔබ අඳින දෙයක් ක්ෂණිකව තවක් උපාංගයකට ප්‍රවාහය කිරීමට හැකි බැවින් රැස්වීමක දී සජිවීව ස්ක්‍රීන් එකක් හරහා ඔබට අඳිමින් යමක් පැහැදිලි කිරීමේ අවකාශයක් ද සැලසෙනවා.
ඔබ මතක තබාගත යුතු ප්‍රධානතම කාරණය වන්නේ මෙය ටැබ් නැතහොත් ටැබ්ලට් එකක් නොවෙයි. මෙය ස්මාර්ට් නෝට්බුක් එකක්. මෙය භාවිත කළ යුත්තේ ඉහත සඳහන් කළ කරුණු සඳහා පමණයි. නැතහොත් ටැබ්වලට විකල්පයක් ලෙස නොවෙයි. මෙම ටැබ්ලට් එක සහ විශේෂ පෑන ඩොලර් 480ක මිලකට අලෙවි වෙයි.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments