වසර දාහතකට පසු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට තීරණයකර තිබෙනවා.ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා , සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු තරග දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා. ඒ ජුනි 30වනදා සහ ජුලි දෙවනදායි. ගාල්ල ක්‍රීඩාංගනයේ අවසන්වරට එක්දින ජාත්‍යන්තර තරගයක් පවත්වා තිබෙන්නේ 2000 වසරේයි. ඒ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතරයි. එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 37ක ජයක් හිමිකර ගත්තා. මේ වනවිට ගාලු ක්‍රීඩාංගනයේ පවත්වා ඇති සමස්ත එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 7ක්. 2000 වසරෙන් පසු මෙතෙක් ගාලු ක්‍රීඩාංගනයේ ක්‍රීඩාකර ඇත්තේ ටෙස්ට් තරග පමණයි.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments