ලොව පුරා රටවල් 150ක පරිගණක ලක්ෂ 2කට අධික සංඛ්‍යාවකට බලපෑම් කරමින් පසුගිය දා එල්ල වූ සයිබර් ප්‍රහාරය සිහි කැඳවීමක් බවට මක්‍රොසොෆ්ට් ආයතනය අනතුරු අඟවයි.
එම සමාගම පෙන්වා දෙන්නේ, එ සම්බන්ධයෙන් පිළියම් යෙදීමට ලොව පුරා ආණ්ඩු ක්‍රියාත්මක විය යුතු බවයි.
එසේ නොවුණ හොත් ලොව පුරා පරිගණක මෘදුකාංගවලට දැවැන්ත විනාශයක් සිදුවිය හැකි බව මයික්‍රොසොෆ්ට් ආයතනය පෙන්වා දෙයි.
ඒ අනුව තවත් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔවුහු අනතුරු අඟවා සිටිති.
මයික්‍රොසොෆ්ට ආයතනය පවසන්නේ, අද දින ඔබ රැකියාවට පැමිණෙන විටත් එම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබිය හැකි බවයි.
මේ හේතුවෙන් තම පරිගණකවල ආරක්ෂක මෘදුකාංග යාවත්කාලීන කරන ලෙස පරිගණක ආරක්ෂණ විශේෂඥයින් උපදෙස් දී ඇතැයි, සඳහන් ය.
නවතම පරිගණක වෛරසයෙන් සිය පරිගණක ආරක්ෂක තර කර ගැනීම සඳහා සති අන්තයේ බොහෝ ආයතන පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
පරිගණක විශේෂඥයින් පවසන්නේ, සති අන්තය තුළ මන්දගාමීව වෛරසය ව්‍යාප්ත වුව ද පරිගණක ලක්ෂ දෙකකට අධික අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති බවයි.
මෙවැනි සයිබර් ප්‍රහාරයකට මුහුණ දීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය පසුගිය මාර්තු මාසයේදී මෘදුකාංගයක හඳුන්වා දී තිබුණ ද බොහෝ පරිගණක පද්ධති යාවත්කාලීන කර තිබී නැත.
මේ අතර ලොව පුරා එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ආමරිකානු ජනාධිපති ට්‍රම්ප් ද හදිසි හමුවක් කැඳවා තිබේ.
විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ජනාධිපති ට්‍රම්ප් සිය ආරක්ෂක උපදේශකවරයා ඇතුළු නිලධාරීන් සමගින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර පිළියම් යොදන ලෙස උපදෙස් දුන් බවයි.
මේ අතර Ransomware වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කරගන්නා ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙයි.
එහි පරිගණක තාක්ෂණ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ එසේම ප්‍රතිවෛරස මෘදුකාංගය යාවත්කාලීන කරගැනීම ද වැදගත් වන බවයි.
සැකකටයුතු ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස ද ඔහු දැනුම් දෙයි.
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments