Full Width CSS

බිල් ගේට්ස් ට දෙවෙනි ස්ථානය | Sinhala දේ



      ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් Amazon.com (ඇමසන්) සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණ ඇත.ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් Amazon.com (ඇමසන්) සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණ ඇත.

                             ‘ඇමසන්’ සමාගමේ කොටස් මිල පසුගිය දා ඉහළ යාමත් සමඟ ජෙෆ් බේසොස් ගේ වත්කම බිල් ගේට්ස් ට වඩා ඩොලර් බිලියන 1.4කින් ඉහළ ගොස් ඇති අතර ඉදිරියෙදී ‘ඇමසන්’ සමාගමේ කොටස් මිල තව දුරටත් වැඩි වීමට නියමිත බැවින් එම පරාසය තවත් වැඩි වනු ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමරිකානු වේලාවෙන් පසුගිය බදාදා සවස්වරුව වන විටබිල් ගේට්ස්ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 90 ක් ලෙස සටහන් වෙද්දී  ජෙෆ් බේසොස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91 ක් ලෙස සටහන් විය.

Image result for jeff bezos
                
        2013 වර්ෂයේ සිට 2017 වර්ෂයේ ජුලි 26 වන දින දක්වා ලොව ධනිපති ලයිස්තුවේ පළමු ස්ථානයේ සිටිමට බිල්ගේට්ස් හැකිවිය.

ඇමරිකානු ජාතිකයකු වන ජෙෆ් බේසොස් උපත ලබන්නේ 1964 ජනාවාරි 12 මෙක්සිකෝවේ දී. ඔහුට දැන් ළමයි හතර දෙනෙක් සිටිනවා. ආරම්භයේදී නම් එතරම් ධනපතියෙක් නෙවෙයි. හැබැයි කුඩා කල පටන් ඔහු තාක්ෂණ පැත්තෙන් මීටරයක්. ඒ නිසා ඔහු හැමවෙලේම කැමති වුනේ කම්පියුටර් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න.
                                                                     1994 දී ජෙෆ් බේසොස් ඔහු කරගෙන හිටපු රැකියාවෙන් ඉවත් වෙලා Amazon.com ආරම්භ කරනවා. ඔහු එම වෙබ් අඩවිය ආරම්භ කරන්නේ පොත් විකිණීමේ අරමුණින්. ඒකත් ඔහු එය කරන්නේ සියැටල් හි පිහිටි තම ගරාජයේ සිට. ආරම්භයේ නම් ඔහුවත් හිතන්නේ නැහැ ඔහුගේ වියාපාරය මෙතරම් දුර යයි කියලා.
                 දැන් Amazon.com වෙබ් අඩවිය කෙතරම් ජනප්‍රියද කියනවා නම් ඇමරිකාවේ සිටින ජනයාගෙන් 43% ක් ම තම සියලුම අවශ්‍යතා මිලදී ගන්නේ Amazon.com වෙබ් අඩවිය හරහා. ඒ වගේම Amazon.com වෙබ් අඩවියට ලොව පුරා මිලියන 64 කට වැඩි ජනයා ශෙ‍්‍රෂ්ඨ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. වසරකට ශෙ‍්‍රෂ්ඨ සාමාජිකත්වය ලබාගැනීමට $ 99 ක් ගෙවන්න ඕන. ලංකාවේ සල්ලි වලින් නම් 15,000 ක්.
                                ඒ කියන්නේ ශෙ‍්‍රෂ්ඨ සාමාජිකයකු වන කෙනෙකුට එම වෙබ් අඩවියේ ඇති වීඩියෝ නැරඹීමේ හැකියාව උරුම වන අතරම, තමන් එම වෙබ් අඩවියේ යම් දෙයක් මිලදී ගත් විට, එම ද්‍රව්‍ය හෝ භාණ්ඩ ගෙනත් දීමට delivery චාජ් එකක් අය නොවීම.
2017 වර්ෂය ආරම්භයේ ලොව ධනපතියන් ලයිස්තුවේ ජෙෆ් බේසොස් ට හිමි වී තිබුණ හතරවෙනි ස්ථානය. මෙම වසර තුල Amazon සමාගමේ කොටස් වල වටිනාකම ඉහල යාමත් සමග Amazon සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 500 කින් ඉහල ගොස් ඇති අතර, ඒ තුලින් ජෙෆ් බේසොස් ශීඝ්‍රයෙන් ලොව ධනපති ලයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය හිමි කරගැනීමට හැකි වී ඇත.

Image result for jeff bezos
                                      
       ජෙෆ් බේසොස් පවසන්නේ ” මාගේ ධනපතිබව නිසා මට අවශ්‍යයි දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න. මේ දැන්ම, අදම, කෙටි කාලින මෙන්ම දිගු කාලින සහනයක් ලැබෙන විදිහටයි මම උදව් කරන්න කැමති. ඉතින් මන් අපේ රජයට ගෙවන්න පුළුවන් උපරිම බදු ප්‍රමාණයද ගෙවනවා ”
                                Amazon.com වෙබ් අඩවිය කිව්වම ගොඩාක් අයට සිහියට ඉන්නේ Ebay වගේ භාණ්ඩ මිලදී ගැනීම වෙබ් අඩවියක් ලෙස වුනත්, ඇත්තටම Amazon.com කියන්නේ හාත්පසින්ම වෙනස්, ඒ කියන්නේ Ebay එකට වඩා ලොකු දෙයක් එතන වෙනවා.
                                                                          ඒ අනුව දැනට සිටින ලොව ප්‍රකෝටිපතියන් අට දෙනා සතු ධනය ඩොලර් බිලියන 360 කට ආසන්න අගයක් ගන්න අතර,  එය ලොව සිටින ජනගහනයෙන් අඩක් වූ වඩාත් දුගී ජනතාව සතු ධනයට සමාන අගයක් ගනු ලබයි. මෙම ප්‍රකෝටි පතියන් අතරට Amazon.com සමාගමේ ජෙෆ් බේසොස් ට අමතරව මයික්‍රොසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස් හා ෆේස්බුක් ආයතනයේ මාක් සකර්බර්ග් ද ඇතුලත් වීම විශේෂත්වයක්.
   
  Image result for jeff bezos                                                     

 අවසාන වශයෙන් ජෙෆ් බේසොස් ගේ බැංකුවේ ඇති මුදල් ප්‍රාමාණය ලංකාවේ සල්ලි වලින් කිව්වොත් රුපියල් 1,398,300,000,000 ආසන්න අගයක්. අම්මෝ.....


ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!

වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..

මගේ YouTube Channel එකත්  Subscribe කරන් යමු 

⇩⇩⇩

 Click



Post a Comment

0 Comments