ලන්ඩන් නුවර රෝයර් කොලේජ් ඔෆ් ආර්ට්හි උපාධිධාරිනියක වන ඩැනී කෝල් විසින් (ඇය හඳුන්වන පරිදි) 3 වැනි මාපටැඟිල්ලක් නිමවා තිබෙනවා. ප්‍රොස්තෙටික් උපාංග සාමාන්‍යයෙන් නිමැවෙන්නේ බොහෝ ශරීරාබාධ ප්‍රකෘතිමත් කිරීමට හෝ ආධාරකයක් ලෙසට වුවත් මෙම තෙවැනි මාපටැඟිල්ල නම් නිර්මාණය කර තිබෙන්නේ ඔබේ නැතිවුණු මාපටැඟිල්ලකට ආදේශකයක් ලෙසින් නොව, ඔබේ සුළැඟිල්ලට එහායින් අමතර ඇඟිල්ලක් ලෙසටයි.
ප්රොස්තෙසිස් වචනය බිඳී ඇවිත් තිබෙන්නේ "ඪද චඤඤඪබඪධද බධ" යන අදහසින් බැවින් එයින් පෙලඹුණු කෝල්, යම් ශරීර අංගයක්, පිරිද්දීමට හෝ ආදේශ කිරීම වෙනුවට එකතු කරන්නක් ලෙසට ප්‍රොස්තෙටික් උපාංගයක් නිමැවීමට තීරණය කළා.
මෙම තෙවැනි මාපටැඟිල්ල අත්වැස්මක් සේ අතේ රැඳෙන අතර එය කුඩා මෝටර 2කින් ක්‍රියාත්මක වෙනවා. එකක් ක්‍රියාත්මක වෙන්නේ ඔබේම පාදයේ ඇඟිලිවලට අෑදා ඇති සංවේදක හරහා වන අතර බ්ලුටූත් හරහා ඒ මඟින් තෙවැනි මාපටැඟිල්ල මෙහෙය වන්න පුළුවන්.
මෙම මාපටැඟිල්ල ත්‍රිමාණ මුද්‍රිතයක් (3ච් - නපඪදබඥඤ) වන අතර නින්ජාෆ්ලෙක්ස් නමැති සුනම්‍ය ප්ලාස්ටික් ෆිලමන්ට් එකකින් නිමවා තිබෙනවා. තෙවැනි මාපටැඟිල්ල භාවිතයෙන් කාඩ් කුට්ටමක් අනන හැට් ගිටාරයක් වාදනය කරන හැටි, බ්ලොක් තනන හැටි, අයිපෑඩ් එකක් භාවිත කරන හැටි වාගේම හිසකෙස් අතරින් ගමන් කරන හැටිත්, කෝල් විසින් පෙන්නුම් කළා.
කෝල් පවසන පරිදි තෙවැනි මාපටැඟිල්ලේ වටිනාකම වන්නේ එය සමාජයට මානව ප්‍රසර්ජනය සලකා බැලීමට උත්ප්‍රේරකයක් වීමයි.
එවැනි දෙයක් සුගම ලෙස නිර්මාණය කළ පසු එය ආම්පන්නයක් වියහැකි බැවින් අපගේ හැකියාවන් වැඩිකර ගැනීමට දරන උත්සහයේදී මෙම ප්‍රොස්තෙටික් තවත් වැඩි කිරීමක් ලෙස ක්‍රියාකරන හේතුවෙන්, මෙතෙක් ආබාධිතතාවක් නිවැරැදි කිරීමට පමණක් අවධානයට සීමාවූ තාක්ෂණයත්, හැකියාවත් තවත් වැඩි කිරීමට භාවිත කිරීමටත් සැලකීමට අවකාශයක් ඇති වෙනවා.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments