ශුරන්ගේ කුසලාන ක්රීකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා පකිස්ථාන වේග පන්දු යවන ක්රීඩක මෙහොමඩ් අමීර් ක්රීඩා කරන බව පකිස්ථාන ක්රීකට් බලධාරින් ප්රකාශ කරනවා.
අබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටි මොහොමඩ් අමීර් අද දිනයේදී යලිත් කණ්ඩායම සමග එක්වන බවයි වාර්තා වන්නේ. එසේ වුවහොත් පකිස්ථාන වේග පන්දු බල ඇණිය තවත් ශක්තිමත් වන බවයි ක්රීකට් විචාරකයෝ සදහන් කරන්නේ. මේ අතර ඉන්දීය දග පන්දු යවන ක්රීඩක රවි චන්ද්ර අශ්වීන් අබාදයක් හේතුවෙන් අද තරගයට ක්රීඩා නොකරන බවට ක්රීකට් ආරංචි මාර්ග සදහන් කරනවා. එසේ වුවහොත් අශ්වීන් වෙනුවට උමේෂ් යාදෙව් ක්රීඩා කරනු ඇති බවයි ඉන්දීය ක්රීකට් බලධාරින් සදහන් කරන්නේ. තරගය ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.55ට එංගලන්තයේ ඕවල්හිදී පැවැත්වෙනවා.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments